දඩි බිඩියේ බාවන්න..................

ඔන්න ගෙනාවා බාගන්න බඩු ටිකක්......... IDM මගුලෙන් බාලාම ඇති වෙලාද?????ෆේක් සීරියල් කියනවද???IDM දිරවන් නැති උන්ටමයි........ඔන්න පහල තියනවා වද දෙන්නැති වැඩ කාරයො ටිකක්.......බාගෙන බලපල්ලා........

Orbit DOWNLOADER
SpeedBit DOWNLOADER (D A P)
Flash Get DOWNLOADER
Free DOWNLOARD Manager



ඔය මක්ක කිව්වත් IDM මගුල නැතුව කැම කන්නත් බැරි උනුත් ඉන්නවනේ බොලව්.....අන්න උන්ට ඔන්න තියනවා IDM මගුලත් බාගෙන බලපල්ලාකො.....අලුත්ම එක............බුබුලු නගින බෙලි කටු.....

මෙන්න මෙතනින් බාගනිල්ලා.............
පාස්වර්ඩ් එකට hadoc කියලා ගහපල්ලා........බාගෙන ඉවරවෙලා දාලා කියපල්ලාකො වද දෙනවද කියලා.........වදකාරයානම් අර උඩ තියන එව්වාගේ පිහිට පතපල්ලා....එහෙනම් මම ගියා..........




Share/Bookmark

කන්වර්ට් බැරිනම් ඔන මගුලක්..................


හුග කාලෙකින් ඔන්න කැප්ටන් අන්කල් බ්ලොග් පොස්ට් එකක් ලියනවා........මෙලො රහක් නැ නේ...:P :P අව්ලක් නැ පව්ලක් නැති නිසා......ඔන්න බොහොම අමාරුවෙන් මම කන්වර්ටර් කැල්ලක් හොයා ගත්තා......අමාරුයි කිව්වට එච්චරටම අමාරු උනේ නැ...මොකද මේක හැම එකා ලගම තියනවනේ......නැති උන්ට තමා හොයාගෙන ආවේ.......:P......මේක තමා අලුත්ම එක........දන්න උන් දන්නවනේ මෙකේ තියන පට්ට වැඩ කැලි ටික......


සමහර උන් මොකක් හරි කන්වර්ට් කරගන්න ගියාම හත් පලේ ගාගන්නවනේ...........මෙකේ ඔය කිසි අව්ලක් නැ........ලෝකේ තියන ඔනම ෆොමැට් එකකට කන්වර්ට් කරගන්න පුලුවන්.......මොකද මෙකේ නැති මගුලක් නැ බොලව්.........පට්ට කන්වර්ටරේ........ගූගල් දෙයියගේ ෆී කන්වර්ටර් කියලා ගැහුවට බාලා කන්වර්ට් කොරන්න ගියාම තමා සල්ලි දීපිය කියලා කියන්නේ.....එටකොට තමා....ගූගල් දෙයියන්ගේ මැණියන්ව මතක් වෙන්නේ ෆී එකක හොයලා දුන්නු නිසා.......නැත්තන් නිකන් දුන්නු එකේ අපට ඔන මගුල කන්වර්ට් කරගන්න බැ......ඔන මගුල කන්වර්ට් කරගන්න සල්ලි ඉල්ලනවා හරි මගුලක් තමා ඒක.........කැරකෙන දෙදරන් දගර සුලන්.........

මේකත් මේ නිකන් දෙන්නේ නැ.....සල්ලි ගන්නවා.....සල්ලි දීපන් කිවොත් ඔය තියන කී එකක් දීපල්ලා.අපි මොකටද ඔකුන්ට සල්ලි දෙන්නේ ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දුන්නනම් ඉවරයිනේ බොල.......අපට කොහෙන්ද බොලව් ඩොලර් ඔන්න තියනවා නොමිලේම...සල්ලි දීලා ගන්න ගියොත් ඩොලර් 49 ක් ගෙවන්න ඔනා.........මොන මගුලක්ද??කැප්ටන් හැඩොක් කවද්ද බොලව් සල්ලි දීලා මෙව්වා ගත්තේ........... බුබුලු නගින බෙලි කටු....

ඔන්න තියනවා බාගනිල්ලා
බාගන්න මෙතන කොටන්න............

පාස්වර්ඩ් එකට hadoc කියලා ගහපල්ලා

එහෙනම් මම පොඩියට විතර 2ක් දාගෙන එන්නම්.... ටටා........:P :P බාගෙන ඉවරවෙලා කන්වර්ට් කරලා බලලා කියපල්ලා කන්වර්ට් උනාද කියලා............කැප්ටන් අන්කල් ඉදලා හිටලා 2ක් දාගත්තට බන බාවනා කරනා මනුස්සයා...........

කම්මෙන්ට් කටුවක් එහෙම කොටලා යන්න එපා නිකන්ම පලයල්ලා.....

Share/Bookmark

කේන්දරේ.........බලාගනිල්ලා......

කේන්දරය ගැලපීම යනුවෙන් අදහස්‌ කරන්නේ මොකක්ද කියලා බොලා දන්නවා ද?නැ නේ.....බොලා කොහෙද දන්නේ.......බොලා දන්නේ ඇහැට කනට පේන කෙල්ලන්ට සෙවල පෙර පෙර යන්න විතරනේ.......බොලා කොහෙද ඔව්වා දන්නේ....පස්සේ තමා ගෙඩරින් බර බරේ එනෙකොට බොලට මෙව්වා මතක් වෙන්නේ ...:P ලොල් .....

කේන්දර ගැලපීමේ දී කරන්නේ එක්‌ කේන්දරයක්‌ තවත් කේන්දරයක්‌ සමග සසදා බැලීම යි. මෙය බොහෝවිට කරනු ලබන්නේ කසාදයක් කරගෙන කෙලවෙන්න ඉන්න තරුණ තරුණියන් අතර ගැලපීමක්‌ තියේ ද යන්න සොයා බැලීමට යි. මෙය සබඳතාවයක පටන් ගැනීමේ දී කුතුහලය නිසා හෝ පසුව ප්‍රශ්නකාරී තත්ත්වයන් ගොඩ නැගීම නිසා හෝ කේන්දර බැලීමට වැඩිහිටියන් හෝ එම කේන්දරවල හිමිකරුවන් පෙළඹිය හැකියි. ඒ වාගේ ම එකම පවුලේ සාමාජිකයන් අතරත් අසමගිතාවයන් ඇතිවනවිට කේන්දර බැලීමක්‌ කිරීම සුදුසුයි......

හවුල් ව්‍යාපාරයකදී ඊට සම්බන්ධ වන අය අතරත් කේන්දර බැලීමක්‌ කිරීම සුදුසුයි. කේන්දර දෙකක්‌ ගැලපීම, පරීක්‌ෂාව සඳහා ඉදිරිපත් කළවිට ජ්‍යෙතිෂඥයන් පළමුවෙන් ම තක්‌සේරු කර බලන්නේ ඒ කේන්දර දෙක මගින් පිළිබිඹු වන ආකාරයට දෙදෙනා අතර සබඳතාවයට ඔවුන් දෙදෙනා තුළ ඇති හැකියාව කෙසේ ද යන්න යි.

එක්‌ අයෙකුගේ කේන්දරයේ ඇති ග්‍රහයන් හා අනෙක්‌ පුද්ගලයාගේ කේන්දරයේ ඇති ග්‍රහයන් අතර සම්බන්ධය ද කේන්දර දෙකක්‌ ගැලපීමේදී සැලකිය යුතු වැදගත් කාරණා වේ. යමෙකුගේ හඳහනේ ව්‍යාප්ත කාරක ග්‍රහයා වන බ්‍රහස්‌පති චන්ද්‍රයා වෙත සුබ දෘෂ්ටියකින් යුක්‌තවීම හෝ චන්ද්‍රයා සමග යෝගවීම හෝ පෙන්වාදෙන්නේ සහකරු හෝ සහකාරිය විසින් තමන් සතුටට පත් කරන බවයි. චන්ද්‍රයා අනෙක්‌ කේන්දරයේ බ්‍රහස්‌පතිට පහර දෙන්නට පටන් ගැනීමෙන් ඇති වන හැඟීම් ප්‍රකාශනය ඒ තරම් ප්‍රශ්නයක්‌ නොවනු ඇත. හැම සම්බන්ධයක්‌ ම ධන මෙන්ම සෘණ ප්‍රතිඵල ද ගෙනදේ........

ඔය කිව්වේ කේන්දරේ ගැන පොඩි ටිකක් බොලාට තෙරුනාද දන්නේ නැ........කොහීද ඉටින් මෙකේ ඉන්න එකාලට ඩෙයක් තෙරුම් කරන්න ගියාම මට කුනුහබ්බ මටක් වෙනවනේ බොල..........කොච්චර කිව්වත් සමහර උන්ට සිංහල තේරෙන් නැනේ බලේ......බුබුලු නගින බෙලි කටු

ඉදා එහෙනම් බොලා ඉල්ල ඉල්ලා මැරෙන්න හදපු ෆොෆ්ට්වෙයාර් කැල්ල...........කැල්ල කිව්වට කැල්ලක්ම නෙවේ බොලව්.........මේකේ තියනවා කැලි 3ක්ම.......එකාක් බොලාගේ කේන්දරේ බලාගන්න......අනිත් එක තමා බොලාගේ පොරොන්දම බලා ගන්න එක....අන්න ඒක හොදට බලා ගනිල්ලා....නැත්තම් හබක් තමා......එකනේ බොලා අමාරුවේ වැටෙනවා බලන් ඉන්න බැරුව කැප්ටන් අංකල් මෙව්වා දෙන්නේ කිසි ලොබ කමක් නැතුව...කැප්ටන් අංකල් බෝම ගුන යහපත් මනුස්සයා...........බුබුලු නගින බෙලි කටු.......

හා අමටක උනා මේකේ තව සොෆ්ට් වෙයාර් කැල්ලක් තියනවා.ඒකෙන් පුලුවන් උබලගේ ස්වීට් හාට්ගේ උපන්ඩිනෙයි බොලාගේ උපන් ඩිනේ ගහලා මැච් කොරලා බලන්න......එටකොට කියනවා බොලාට මැරි කොරන්න එපාද නරකද කියලත්...........පට්ට සොෆ්ට්වෙයාර් කැලි 3 බොලව්........

තව පොඩි කොස්සක් තියනවා බොල මේ සොෆ්ට්වෙයාර් කැලි රන් වෙන්නේ......වින්ඩොව්ස් XP ඔනම සංස්කරනවලයි........වින්ඩොව්ස් 7 32 බිට් ඒවලයි විටරයි බොලව්.....64 බිට් වල එරර් එකක් එනවා.........බොලාට බලාගන්නම ඔන නම් 32 බිට් තියන එකෙක්ගේ දමලා බලා ගනිල්ලා......එහෙනම් මම ගොහිල්ලා එන්නම්......ටටා...බායි...
හා හා බොලා දැන් කේන්දරත් බලාගෙන හොරාම මගුල් කන්න එහෙම ලැහැස්ති වෙනවා එහෙම නෙවේ...............මේ කැප්ටන් අන්කල්ටත් කියපල්ලා හොඩේ........මටම කියලා විස්කි බොතල් 2ක් 3ක් අරන් තියලා තියාපන් හරිය......හා එහෙනම් දැන් මගුල් කාපල්ලා...මම යනවා............කොම්මෙන්ට් කටුවක් එහෙම කොටල යන්න එපා හොදේ......නිකම්ම බාගෙන පලයල්ලා.......හරිය.......කැප්ටන් අංකල් බෝම ගුන යහපත් මනුස්සයා....බුබුලු නගින බෙලි කටු.......

එහෙනම් මෙන්න මෙතන කොටල බා ගනිල්ලකො..........
පාස්වර්ඩ් එකට hadoc කියලා ගහපල්ලා

කොම්මෙන්ට කටුවක් කොටලා පලයල්ලා.................පුඩුම හාල් පරුවො නොව ලන්කාවේ ඉන්නේ........බුබුලු නගින බෙලි කටු.....



Share/Bookmark

කොම්පියුටර් රාජයා ලෙඩ කරවන විස බීජ........

ඔක්කොටම කලින් දැන ගනිල්ලකො කොම්පියුටර් වයිරස් එකක් කියන්නේ මොකක්ද කියලා....... පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි. වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය.

වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි. ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ.

මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ. වර්තමානයේ බොහෝමයක් පරිගණක කරදරකාරී කේතවලට මග පාදමින් අන්තර්ජාලයට හා ප්‍රාදේශීය ජාලවලට සම්බන්ධ වී ඇත. වර්තමානයේ වෛරස වර්ග , වර්ම්ස් හා වෛරස අතර වෙනස නැති කරමින් වර්ල්ඩ් වයිඩ් වෙබ් (World Wide Web) ඊ මේල් ක්ෂණික පණිවිඩ සේවා (Instant messaging) හා ලිපි හුවමාරු පද්ධති වැනි ජාල පහසුකම්වල වාසිය ද ලබා ගනී. තවදුරටත් සමහරක් ප්‍රභව වෛරසයක් යනු ස්වයං පුණර්ජනනය විය හැකි අනිෂ්ට මෘදුකාංගයක් ලෙස ද විකල්ප පාරිභාෂික යොදා ගනී.

සමහරක් වෛරස ක්‍රමලේඛවලට හානි කිරීමෙන් ගොණු මකා දැමීමෙන් හෝ දෘඩ තැටිය නැවත හැඩතල ගැන්වීමෙන් (reformatting) පරිගණකයට හානි කරන පරිදි ක්‍රමලේඛ ගත කර ඇත. අනෙක්වා කිසිදු හානියක් නොවන පරිදි සැළසුම් කර ඇතත් ඒවා නැවත නැවත පුණර්ජනනය වන අතර වදන්, දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය පණිවිඩ මගින් ඒවා ඇති බව හඟවයි. මෙම මෘදු වෛරස පවා පරිශීලකයාට කරදර ඇති කළ හැකිය. ඒවා නීත්‍යානුකූල ක්‍රමලේඛ මගින් යොදාගන්නා පරිගණක මතකය අත්පත් කරගනී. එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිත හැසිරීම් හා පද්ධති බිඳ වැටීම් සිදුවිය හැක. බොහොමයක් වෛරස ක්‍රමලේඛවල දෝෂ ඇති කරවන සුළු අතර මෙම දෝෂ පද්ධති බිද වැටීම් හෝ දත්ත නැතිවීම්වලට හේතු විය හැකිය. බොහෝමයක් CID ක්‍රමලේඛ පරිශීලකයන් විසින් බාගත කර ගන්නා ක්‍රමලේඛ වන අතර නිතර නිතර උත්සන්න (pop – up) වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිගණකයෙහි වේගය අඩුවන අතර දෝෂය සෙවීම හා නැවැත්වීම ද ඉතා අපහසු වෙයි. පරිගණක වෛරස යනු ස්වයංකීයව පැතිරෙන පරිගණක වැඩසටහනකි. පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මෙය සිදුවන අතර මෙවිට පරිගණක‍ය අක්‍රීය වීම හෝ අසාමාන්‍ය ලෙස ක්‍රියාකිරීම සිදුවෙයි.

මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි. නැතහොත් අත්හදා බැලීම් සඳහා නිර්මාණය කරයි. කෙසේ වෙතත් මෙයින් සිදුවන හානිය නිසා මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා ඇත. එසේ වුවද ර‍ට රටවල් වල නීතිය අනුව තත්ත්වය වෙනස්වේ. සමහරක් වෛරස, පරිගණකයේ දත්ත විනාශ කරන අතර සමහරක් ‍වෛරසය පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් ‍පත්කරයි........

හා....දැන් බොලා මේ මගුල්වල හැටි දැන ගත්තනේ.......මම දැන් පොඩියට විතර 2ක් දාගෙන ඊලග හැල්ල කොටන්න තමා ලකලහස්ති වෙන්නේ........බොල එහෙනම් මේක කියවල ඔය ඔලු ගෙඩි වලට දමා ගනිල්ලකො..............බොලාගේ ඔලු ගෙඩි වලත් වයිරස් පිරිලනේ බොල....... වයිරස් නම මේ වයිරස් වගේ නෙවේ නේද බොල.......හලිම දරුනුයි හලිම ඩරුනුයි..........හා එහෙනම් මම ගියා පොඩියට විතර 2ක් දාගන්න..............ටටා.......බායි.........
Share/Bookmark

මුන් කව්ද මොනවද කරන්නේ.........දන්නැ නේ..........


බොලා අදුරනවද මේ ඉන්න බුවා කව්ද කියලා..........නැ නේ..කවුරුවත් දන්නැ....මේ තමා ලෝකයේ පලමු විනාශ කාරී වයිරසය හදපු එකා.............ලොකයේ පලමු වයිරස් එකේ නම තමා බොලව් එල්ක් ක්ලොනරය කියන්නේ........ඇපල් 2 පරිගනකවලට බෝ වූ එල්ක් ක්ලොනර වයිරසය 1982 දී 15 හැවිරිදි පාසල් සිසුවෙකුව සිටි රිචඩ් ස්ක්‍රන්ටා විසින් නිර්මානය කලේය....මේ ඉන්නේ බුවා තමා......ලොල් නේ......

වයිරසය අඩංගු ෆ්ලොපි ඩිස්කයෙන් පරිගනකය බූට් වන විට මෙම වයිරසය ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වෙයි........එහෙත් එමගින් පරිගනකයට විශාල හානියක් කල නොහැකි උන අතර....පරිගනක ජාල සහ අන්තර්ජාල අන්තර්ජාල ප්‍රචලිතව නොතිබීම හේතුවෙන් මේ කාලයේ එල්ක් ක්ලොනරය ද ෆ්ලොපි ඩිස්ක් හරහා පමනක් නිසා එය වේගයෙන් බෝ නොවී අබාවයට ගියේය......
  • ඇඩ්වෙයා (Adware)
මෙය එක් වරක් පරිඝණකයට ස්ථාපිත වූ පසු විවිධ වෙළඳ ප්‍රචාරණවලට අපේ පරිඝණකය නිරාවරණය කරන වැඩසටහනක්.....
  • බ්ලැක් හැට් (BlackHat)
මෙනමින් හැඳින්වෙන්නේ අපරාධ කිරීමේ අරමුණින් තමන්ගේ හැකියාවන් පෙන්වන හැකර්කරුවන්ය.
  • බොට්නෙට් (BotNet)
අන්තර්ජාලය හරහා විශේෂ පාලන පද්ධතියක් සාදා ගෙන,එයට වෙනත් පරිඝණක දහස් ගණනක් ඈදා ගෙන ඒවා තනි පුද්ගලයෙකුගේ අණසකට යටත් කර ගෙන පාලනය කරන ක්‍රමයක්.මෙසේ හසුරුවන්නා 'බොට්නෙට් හාඩර් [BotNet Hader]' නමින් හඳුන්වනවා.

  • කාඩර් (Kader)
ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරා ගෙන, ඒවා විකුණන පුද්ගලයන් මේ නමින් හඳුන්වනවා.
  • ඩීඩෝස් (DDOS)
මෙහි තේරුම 'Distributed Debial of Service ' යන්නයි.මෙහිදීත් බොට්නෙට් එකක් හදාගෙන සියලු තොරතුරු සර්වර් එකකට යවා අමාරුවේ දැමීමේ ක්‍රමයක්.

  • ඩ්‍රයිව් බයිස් (Drive Bys)
වෙබ් අඩවියකට යන විට ඉබේම ඉන්ස්ටෝල් වෙන ලෙස සකස් කරලා තියෙන වැඩසටහනක්.

  • මැල්වෙයා (Mal ware)
විනාශකාරී වැඩසටහන් හඳුන්වන පොදු නමක්.

  • ෆිෂිං (Phishing)
බැංකු,ක්‍රෙඩිට් කාඩ් ආයතනවල නම් වලින් ව්‍යාජ ලෙස ඉ-මේල් එවා තොරතුරු සොරා ගන්නා ක්‍රමයයි.

  • ස්ක්‍රිප්ට් කීඩ් (Script Kiddie)
එතරම් දක්ෂ නැති හැකර්වරුවන් මෙසේ හඳුන්වනවා.

  • ස්පයිවෙයා (Spyware)
පරිඝණකයේ ඉන්ස්ටෝල් වූ පසු එහි ඇති රහස් තොරතුරු වෙනත් පාර්ශවයන්ට යවන විනාශකාරී වැඩසටහන්ය.

  • ට්‍රොජන් (Trojan)
මතුපිටින් එතරම් කරදරයක් නැත.නමුත් ක්‍රියාත්මක වීමේදී විනාශකාරීව හැසිරෙන වැඩසටහනකි.

  • වර්ම් (Worm)
වයිරසයක සමාන සංස්ලේෂණය වන විනාශකාරී වැඩසටහනකි.නමුත් වයිරස් වලය 100%ක්ම සමාන නැත.

  • ෆාමිං (Pharming)
විනාශකාරී පුද්ගලයන් විසින් වෙබ් අඩවි වලට පිවිසීමේදී වෙනත් වෙබ් අඩවි වෙත හරවා යවා තදබදයක් ඇති කිරීම මෙසේ හඳුන්වනවා.හා.....


ඔන්න ඔය උඩ ඉන්න මහත්හොරු ටික තමා බොල අපේ කොම්පියුටර් රාජයන්ට ගේම දෙන එව්න්.........මගතොටේදී එහෙම මුලිච්චි උනොත් ඔකුන් ලේසියෙන් අරින් එපා හොදද බොලව්.......ටිකක් හයියෙන් එහෙම සලකලා යවපියව්.............හා එහෙනම් මේ මහත්හොරු ගැනත් දැන ගත්තනේ බොල........දැන් කොම්මෙන්ට් කටුවක් එහෙම කොටලා පලයල්ලා........දැන් මේ කෙහෙල්මල් මහත්හොරු ගැන කොටලා කොටලා මගේ ඇගිලිත් පන නැ බොලව්................කවුරු හරි පින් කැමැත්තෙක් ඉන්නවනම් කැප්ටන් හැඩොක්ගේ ඇගිලිවල හිරි යන්න විස්කි බෝතලයක් එහෙම අරන් දුන්නට කිසිම අමනාපයක් නැ.....බොලව්........මම එහෙනම් ගොහින් එන්නම්..මේ මහත්හොරුන් ගෙන් පරිස්සම් වෙලා ඉදපියව්.........ඔන්න නොකිව්වායි කියන්න එපා එහෙම බොලා........බුබුලු නගින බෙලි කටු........ටටා......................බායි.............
Share/Bookmark

කැප්ටන් හැඩොක්ගේ බ්ලොග් කෙරුවාවේ අටුවාටිකා.........

ඔන්න බොල කැප්ටන් හැඩොකුත් ලොටලා ලොටලා බ්ලොක් සයිට් කෙරුවාවට බැස්සා...බුඩු අම්බෝ මේ කෙරුවාවත් ලේසි පහසු කෙරුවාවක් නෙවේ බොලව්.....බොහොම අමාරුවෙන් තමා මේ ටික වත් හදා ගත්තේ..මෙලො රහක් එහෙම නැතුව ඇති මේක.....

අව්ලක් නෑ අමාරුවෙන් හරි මේක බලලා පලයල්ලා....මොකද බොලව් කැප්ටන් හැඩොක් මේ කෙරුවාවල් ගැන වැඩිය දන්නෑ........නැවක් බෝට්ටුවක් බෝතලයක් ගැන එහෙම තමා වැඩිපුර දන්නේ කියලා බොලා දන්නවනේ.......
තව දෙයක් අහගනිල්ලා.බොලාට බෝල බෝල සින්හල අකුරුවලින් මේක බලන්න ඔනනම් ගිනි නරියව යූස් කොරපියව්........බ්ලොග් කියවන්න ගිනි නරියා පට්ටා....මේ ක්‍රොම් මගුලේ ලස්සන බෝල බෝල සිංහල අකුරු පේන්නෑනේ බොල.......ඉකේ හලි කැතයි යකුනේ හලි කැතයි.......බුබුලු නගින බෙලි කටු......

අනිත් එක මේකේ ඉන්න එකාලගෙන් මල වදේ කෝ කැප්ටන් අන්කල්ගේ බ්ලොග් එක දීපිය අපටත් බලන්න කිය කිය...ඉතින් යකුනේ බොලොග් එකක් නැතුව මම බොලාට මොන ඇටිකෙහෙල් මගුලක් දෙන්නද...

සමහර මදාවි කාරයො මට මරනීය තර්ජනත් එල්ල කරා බොල.....ඔය ඇටි කුකුලන්ට පුලුවන්ද යකෝ මේ කැප්ටන් හැඩොක්ව බය කරන්න..මම සැලුනේ නැ ඉතින් පපුව ඉස්සරහට ඩමන් කොල්ලා වගේ ෆේස් කරා බොලව්......මම මේ ටින් ටින් කොලුවත් එක්ක ගොහින් රට රාජ්ජයවල් වල ඉන්න දහ අටපාලි කාරයෝ මට්ටු කොරල තියනවා බොලව්..මේ ලංකාවේ චූ කොල්ලො මොකුන්ද මට උස්සල ගහනවා ගෙම්බ ගැහුවා වගේ පොලොවේ...

අම්මාහ්...... මේ තියෙන්නේ නියම බඩුවක්...මගේ තනියට ඉතින් බෝතලේ තමා බොලව්......මේකෙන් පොඩියට විතර 2ක් දමා ගත්තම නිකන් දිව්යලෝකේ ගියා වගේ බොලව්...........කැමති එකෙක් ඉන්නවනම් මාත් එක්ක සෙට් වෙයල්ලා මගේ ගානේ දෙනවා විස්කි...... අනිත් එක පොඩියට විතර 2ක් දාගන් නැතුව නිකන් ඇගට මොකක්ද මොකක්ද වගේ....
එහෙනම් මම පොඩියට විතර 2ක් දාගෙන එන්නම්.... බුබුලු නගින බෙලි කටු..

කොහොම කොහොම හරි බෝතලෙට පිංසිද්ද වෙන්න බ්ලොග් එකකුත් හදා ගත්තා මේ කැප්ටන් හැඩොක් බොල...... සමහර කාලකන්නි හැත්ත මේ කැප්ටන් හැඩොක්ට කිංඩියත් දැම්මා..අපි දකුනේ බුවාලා අපි ඔය බල්ලො බිරුවට සැලෙන්නැ බොලව්..........අනිත් එක මම කියනවා ඔය බුරන බල්ලන්ට නිකන් ගල් පර්වත එක්ක හැප්පෙන්න හදන්න එපා කියලා....

මට දැන් ටිකක් වැඩී වගේ කැත වචන එහෙම කියවුනොත් ටිකක් අව්ල් වගේ තියෙයිනේ මචන්ලා......ඒක නිසා කැප්ටන් හැඩොක් කැපෙනවා බොල......ඒවගේම මට මේ කෙරුවාව කරන්න සප් එක දුන්නු හැමෝටම රොම්බා තැන්ක් කිව්වා....... එහෙනම් ටටා.. බායි.....බොලා කැප්ටන් හැඩොක්ගේ බ්ලොක් කෙරුවාව ගැන හිතෙන දේ කියලා පලයල්ලකො එහෙනම්......... කැප්ටන් අංකල් බොම ගුන යහපත් මනුස්සයා....





කැරකෙන දෙදරන දගර සුලන්............යකුනේ බොලාට මුකුත් තේරුනේ නැත්ද බොල.......ආ.තේරුනේ නැ නේ.......ලොකු ඩෙයක් යකෝ තේරුනේ නැති එක....... මට ටිකක් වැඩි උනා වගේ බොල...ඒ කිව්වේ අසබ් වදන් වගයක්..ඉකේ......... සික් විතරක් මෙතන පොඩි උනුත් ඉන්නවනේ කියලා මට හාන් කවින්සියක් වත් මතක් උනේ නැනේ යකො..........බුබුලු නගින බෙලි කටු.........

Share/Bookmark

ටින් ටින් ගේ අල ගිය තැන් මුල ගිය තැන්............

ටින් ටින් ගැන නොදන්න එකෙක් හොයා ගන්න බැරි තරම්........ ඒ තරමට පොඩි උන්ට මූව මතකයි ටින් ටින්ට ආදරෙයි......මේ කැප්ටන් හැඩොක්ට තමා කවුරුවත් ආදරේ නැත්තේ....... පුංචි හිම බෝලයක්වගේ ලස්සන ස්නෝවි බලූ මදාවියටත් ටින් ටින්ටත් වඩා ආදරේ මුන්......නොදකින්
විතරක් ඔය බලු මූසලයා..........මට ඔකව පේන්න බැ මදාවියා උස්සලා ගෙම්බා පොලොවේ ගැහුවා වගේ ගහන්න හිතෙනවා කාලකන්නියා....

ඉටින් බොලා දන්නවද මේ බොලාගේ ටින් ටින් ඉස්සරවෙලාම ලෝකයට දායාද කරේ මොකාද කියලා?????........නැ... දන්නැ නේ..හා එහෙනම් අහගනිල්ලා.........මූව ඉස්සර වෙලාම ජෝජස් කියලා බුවෙක් තමා නිර්මානය කරේ..... උට තවත් නමක් තිබුනා...හජ්ජ් කියලා....ඔන්න හර්ජ් කාරයා තමා මුලින්ම ටින් ටින්ව ඇන්දේ 1929 දී… එතකොට බොලා ඉපඩිලාවත් නැතුව අති නේ......හොක් හොක්....

Tintin in the soviets" තමයි හර්ජෙ
කාරයා ඇඳපු මුල්ම ටින් ටින් පොත, ඒ මාක්ස් විරෝධී ප්‍රකාශනයක් විදියට. ඉන් ලැබුනු සාර්ථකත්වය නිසා "Titin in the congo"නම් දෙවන පොත හා ටින් ටින්ගේ වීර ක්‍රියා කෙහෙල්මල ආරම්භ වුනේ......
මුලින්ම ඇඳි ටින් ටින් පොත් මෙලෝ රහක් නැති කළු සුදු වූ අතර, "Tintin in the soviets" හැර ඉතිරි සියල්ල නැවත වර්‍ණ මුද්‍රණයක් කළා කියලලු කියන්නේ.......

මුලින්ම ටින් ටින්ට තනියට හිටියේ ස්නෝවි මදාවියා විතරයිලු....බොලා දන්නවඩ ටින් ටින් කාටුන් පොත කියෝපු ලෝකේ පුරා හිටපු උන් එදා ඉදන් අද වෙනකල් ටින් ටින් කාරයටයි යි ස්නෝවි බලු මදාවියටයි පුදුම විදිහට ඇලුම් කරනවලු...මේ පිංතූරේ ඉන්නේ ඔන්න ඔය හ‍ර්ජ් කාරයා තමා.....මුන්ට මම තමා පොඩ්ඩක් වත් මතක් වෙන් නැත්තේ.කොහෙද මේ හජ්ජ් කාලකන්නියා මෙකට කැප්ටන් හැඩොක් කියලා නම දාන් නැතුව මේ කොහෙවත් ඉන්න ටින් ටින් කාරයගේ නම දාලනේ බොලව්..හරිම කුප්පයි බොල...හරිම කුප්පයි....
( කුප්ප යන වචනයේ අයිතිය රත්ගමයා සතුය)..

කමක් නැ මේ කැප්ටන් හැඩොකුත් ඔය කොහේ හරි අයිනකට මිනිහා දැම්මනේ.....මගෙ නම එහෙම නොදැම්මනම් එල්ලනවා ඔකා මගේ නැවේ කුබ ගහේ කකුල් දෙකෙන් ගල් ඉබ්බා.ඔකුන් දනනැ මේ කැප්ටන් හැඩොක් ගැන..කැප්ටන් අන්කල් බෝම ගුන යහපත් මනුස්සයා...........

දැන් බොලා දන්නවනේ හර්ජ් කියන එකාව..අර ටින් ටින් හඩපු එකා බොල..හා......දන්නවා නේ.............පස්සේ කාලෙක අන්න උට හම්බුනා තව මරු බුවෙක් උගෙ නම චෑං – චොං....

චෑං......හර්ජ් කාරයට ගොඩක් උදව් කරා අලූත් අලූත් යාළුවෝ ටින් ටින් එක්කලා එකතු කරන්නට. ..ඔය බුවා තමා.....තොම්සන් සහ තොම්සන්… මතකද අර පිස්සු රහස් පරීක්ශක ඩබල??? ..අන්න උන් දෙන්නා .....උන් දෙන්න මතක් වෙද්දිත් ඉල කැඩෙන්න හිනා යනවා බොල....... ඒ පිසු ඩබලත් ටින් ටින්ගේ කතාවලට ගෙනාවෙ චෑං කාරයා තමා බොල....... මමයි, බියන්කා කැස්ටොපියොරි ගැනියි, ප්‍රොෆෙසර් කැල්කියුලස් කාරයයි ටින් ටින්ට එකතු කරේ බුවා තමා......

බොලාට මතකද අර ටින් ටින් ටිඛෙට් දේශයට ගිය සීන් කෝන් එක අන්න ඒකේ චෑං කියල ඩයල් එකක් හිටියා බොලාට මතකද දන්නැ????....නැ මතක නැනේ.......මට නම් මතකයි බොල.... ඔකව අර හ‍ර්ජ් කාරයා එකතු කලේ උගේ බොක්කේ යාළුවා චෑං කාරයාව මතක්වෙන්න......... බොලාට මතකද දන්නැ ටිබෙටයේ අපේ අහස් යාත්‍රාව බිමට කඩන් වැටුනු වෙලේ අපට සප් එක දුන්න පොඩි කොල්ලා....අන්න ඒ පොඩි එකා තමා චැන්ග් - චොන්ග් -බොක්කේ පොඩි එකා..........

මුලින්ම හර්ජ් කාරයාගේ ටින් ටින් කාටුන් එක ගියේ පත්තර සඟරා වල… පස්සෙ තමයි බොලාට ඔය ටී.වී. එකේ බලන කාටුන් චිත්‍රපටි හැදුවේ.... ටින් ටින්ගේ කතා පොත් කෝටි විස්සකට වැඩිය විකිණිලා තියනවාලූ බොලව් මේ වෙනකොට...අම්මග ගහයි පොල්පිත්තෙන් කිව්වලු..... බලපල්ලා මේ කැප්ටන් හැඩොක්ලා කොච්චර පොපියුලර්ද කියලා ලෝකයේ.....බොලාට දැන් ඉරිසියාවේ පන යන්න වගේ ඇති නේ........බුබුලු නගින බෙලි කටු......

1929 දී ඉපදිලා අවුරුදු ගානක්ම බොලාත් එක්ක හිටියා වාගේ, හැමදාමත් ලොකේ පුරා ඉන්න අපට කැමති උන් මේ කැප්ටන් හැඩොක්ලා ටින් ටින් ලා කැල්කියුලසාලා එක්ක ඉඩීව් නේ බොලව්........

කොහොම කොහොම හරි එපමණටම ලොව පුරා බාල මහලු කාගේත් සිත් සතන් වැළඳ ගත් හර්ජ් 1983 වර්ෂයේ සදහටම ටින් ටින් අත ඇරල ගියා බොලව්..... වරක් ඔහු ස්පිල්බර්ග් ව හඳුන්වා දුන්නේ ටිං ටිං චරිතයට සාධාරණයක් කළ හැකි හොඳම පුත්ගලයා කියලා..... පසුව හර්ජ් ගේ වැන්දඹුව ටිං ටිං ඇසුරෙන් සිනමා නිර්මාණ බිහි කිරීමේ අයිතිය ස්පිල්බර්ග් ට ලබා ලබා දුන්නලු......එහෙනම් පහල තියන වීඩියෝව බලපල්ලකෝ කොහොමද කියලා.....හැබයි කැප්ටන් හැඩොක් නම් පේන්න නැ..හොද වෙලාවට....බුබුලු නගින බෙලි කටු......



හරි හරි කොහොම හරි තොපිලා මුගේ අලගිය තැන් මුල ගිය තැන් අහගත්තනේ...එහෙනම් මතක ඇතුව කොමෙන්ටුවක් කොටලා පලයල්ලා........කොමෙන්ට් එකක් කෙටුවා කියලා බොලාගේ කී බොර්ඩ් එක ගෙවෙන්නැ හොදද බොලව්........කොම්මෙන්ට් මගුල කොටලා ඉවරනම් ඔය Older Post කියන මගුල ඔබලා කැප්ටන් හැඩොක්ගේ ඊලග හැල්ල බලන්න පලයල්ලා කස්ටියම......
Share/Bookmark

මහාචාර්ය කැල්කියුලස් තුමා.............


බොලා දන්නවද මූ කව්ද කියලා.........නැ දන්නැනේ මූ තමා කැල්කියුලස් කාරයා.මුගේ නමට ඉස්සරහයින් මහාචාර්ය පට්ටමකුත් තියනවා.......කවුරු දුන්න එකක්ද මන්දා මුට. මම හිතන්නේ සල්ලි ඩීලා කඩෙන් ගත්ත පට්ටමක්ද කොහෙද.....ඇයි බොල දැන් ඔන තරම් පට්ටන් කාරයො ඉන්නේ ලංකාවෙත් මෙලෝ රහක් නැති..එකෙක් තමයි අර කැලනි හිගන්නා.....කව්ද කියපල්ලා වැඩ්ඩො ඉන්නවනම් කැලනි හිගන්නා කියන්නේ.......කාටද කියලා.....කෝ එකෙක් වත් දන්නේ නැද්ද බොල සික් ලජ්ජයිනේ........ඇයි බොල ආචාර්ය මර්වින් සිල්වා බොලා අදුරන් නැත්ද??අන්න උට වගේ කොහෙන් හරි ගත්ත මහාචාර්ය පට්ටමක් තමා මේ කැල්කියුලසාටත් තියෙන්නේ.....බුබුලු නගින බෙලි කටු බොල.. මර්වින් ගොයියා මේ කැප්ටන් හැඩොක් වත් ගස් බදීවිද දනනැ නේද බොලව්.........හොක් හොක්......

හරි හරි කොහොම හරි නිතරම ලඹයක් අල්ලාගෙන පිස්සු මල විකාරෙන් ඇවිදින අතිදක්ෂ විද්‍යාඥයා මහාචාර්ය කැල්කියුලස් කාරයත් ටිං ටිං කතා මාලාවේ එන අමරණීය චරිතයකික් බොලව්......... ආතල් එකේ 2ක් දාගෙන් ඉන්න....... නිතර කෝපයෙන් පුපුරන හිත හොඳ මේ කැප්ටන් හැඩොක් එක්ක මහාචාර්ය කැල්කියුලස් කාරයත් වෙසෙන්නේ මාලින්ස්පයික් ශාලාවේ තමා බොලව්....

කොහොම හරි ලැබ්රඩොර් වීදියේ වාසය කරන ටිං ටිං කාරයත් නිතර දෙවෙළේ අපෙ සැප දුක් හොයල යන්න එනවා බොල ......වඩිපුරම එන්නේ මොකක් හරි මරාලයක් සෙට් කරගෙන තමා.....මරාල කිව්වට එසේ මෙසේ මරාලත් නෙවේ මූ සෙට් කරගෙන එන්නේ.........ඉල කැඩෙන මරාල තමා......

බොලාට කියන්න.......මේ කැප්ටන් හැඩොකුත් ඉන්නේ එසේ මෙසේ මන්දිර වල නෙවේ බොලව්........ මාලින්ස්පයික් මන්දිරය මාර ගනන් බොල මේකේ වසනවා කියන්නේ ලේසි පහසු කාර්යක් නෙවේ.......වසන්න ඔනවට වසනවා.... ඒ උනාට හැම තිස්සෙම විද්‍යා පර්යේෂණ කරන මහාචාර්ය කැල්කියුලස් කාරයා සබ්මැරීන සැලැසුම් ආදිය හදල කියලා ගානක් කොටා ගෙන වැඩේ ශේප් කොරනවා...........කැල්කියුලසා ඉන්නකම් හොදා ඉටින්.....

දැන් කාලේ වසනවා කියන එකත් ලේසි පහසු කාර්යක් නෙවේනේ බන්....... ආසියාවේ ආස්චර්ය නේ බොල.....අනේ ඔය ආස්චර්ය කතා කියන්න ගිහිල්ලා මහින්ද මාමා මාව සුදු වැන් එකකින් උස්සාවිද මන්ද????වැන් එකක ගිය කාලයක් මතක නැ බොලව්......මහින්ද මාමාට පින් සිද්ද වෙන්න එහෙමවත් චාන්ස් එකක් ලැබුනොත් මදැයි................ බුබුලු නගින බෙලි කටු
Share/Bookmark

කැපාගේ පූරුවේ කරුමය පලිසන් දෙයි............

බුබුලු නගින බෙලි කටු කිව්වා බොල....ඇපෝ......බොලා අදුරනවද මේ ගැනිව........අම්බෝ බයේ බැ බොලව් මේ මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා බොල මේ කරුමේ දකින කොට....කැරකෙන දෙදරන දගර සුලන්...දන්නැත් උන් අහගනිල්ලා .......මේ තමා මාලින්ස්පයික් මැදුරේ ලොව සුපතල ඔපෙරා ගායිකාව බියන්කා කැස්ටෆියෝරෙ මැඩොම්......බොලා දන්නවනේ මේ ගැනිගෙන් මේ කැප්ටන් හැඩොක්ට තියන මල වදේ බොල........ඇපෝ..............මේ ගැනි සින්දු කියන කොට මම කනේ ඇගිලි ගහගෙන බන් ඉන්නේ.....ඇපෝ නිකන් තල් අත්තට බොරලු දානවා වගේ බොලව්...රීයා....සික් විතරක්.......මේ ගැනිට කවුරුවත් කැමති නැ බොල.....මගේ කරේමනේ මේ වසන්ගතේ එල්ලෙන්න දගලන්නේ.......නොදකින් විතරක්...

මම කොහේ ගියත් මේ මල හොල්මන මගේ පස්සම එනවා බොලව්............. මොන වෙලේ බැලුවත් ලල...ලා.ල......ල.ලා....ල.. ලා.... .ලා....... ගාගත්ත ගමන්මයි.....මෙ කැප්ටන් හැඩොක් කියන්නේ දෙකක් දාගෙන ආතල් එකේ ඉන්න බුවෙක් නේ බන්.....මේ ගැනු පරාන කර ගහගෙන නිකන් මම මටවත් හේ කරගන්න බැරි....පදින්න බැරි නැවක් බාර ගත්තා වගේ තියේ බොල.....අෆ්ෆා..මට බරියෝ ඊට කලින් මාව කපලා මූඩේ දාපියව් මෝරුන්ට කන්න......මේ ගැනි එක සැරයක් මාලයක් නැති කොර ගෙන ගිනි විච්චුම්බරයක් නැටුවා බොලාට මතක ඇතිනේ.... අපරාදේ නිකන් අර අහින්සක අහිකුන්ටිකයො ටික මාට්ටු කොරා අර පිස්සු තොම්සන් ඩබල.......අපේ ටින් ටින් කොලුවා වැඩර් නිසා හොයා ගත්තා කේස් එක....අන්තිමට කොහෙද යන ගිරවෙක් නේ බොලව් ඒක උස්සන් ගිහින් තියෙන්නේ....

බලපල්ලා මේ ගැනි දැම්මොත් දාන්නේ ගූ කේස් එකක්නේ බොල තුක් නොදකින් විතරක්...... .අෆෝ මම පූරුවේ කල කරුමයක් පලිසන් දෙනවද කොහෙද බොල.............බොලා කියපල්ලකො මේ ගැනිගෙන් බේරෙන්න ක්‍රොමයක් මට..........බොලාට අමා මහ නිවනින් සැනසීම ලැබෙනවා ...බොලව්......උදව් කොර එකාට මම ගානේ ලොකු විස්කි බෝතලයක් තැගි දෙනවා.....අප්මා පල්ල.....බුබුලු නගින බෙලි කටු........




අනේ........ අම්බේ කනට මී පැනි දානවා වගේ යකුනේ...........ඇපෝ....... බිබ්බ්ලිලි නගින බිලි කටු..........

Share/Bookmark

ටින් ටින් දැන් බයිස්කෝප් එකෙත්......

බොලා දන්නවද ඔන්න ටින් ටින් ‍ෆිල්ම් එකත් එනවලු බොලව්...බුබුලු නගින බෙලි ක‍ටු....‍ෆිල්ම් එක විතරක් නම් මදැයි ගේම් එකකුත් එනවලු....ඔන්න එටකොට අපේ එකාලට උඩ පැන පැන ගේම් ගහන්න බැරියේ.....යකුනේ මේක එසේ මෙසේ බයිස්කෝප් එකක් නවේලු බොලව්....... සුපිරි ගණයේ 3D කරලාලු බන් එන්නේ.. පිස්සු හැඩිලා ආයි හැදෙයි.... මේක අධ්‍යක්ෂණය කොරන එකා ස්ටීවන් ස්පිල්බර්ග් ලු නිෂ්පාදනය පීටර් ජැක්සන් කියල බුවෙක්ලු..."යුනිකෝන් වීර ක්‍රියාව “ ලෙස නම් කරලලු මුන් මේ බයිස්කෝප් එක හදන්නේ....

ඔය තියෙන්නේ සුපිරි ටින් ටින් පින්තූරේ තමා බොලව්.බලපල්ලා කාටුන් ටින් ටින් වගේද කියලා අපේ ටින් ටින් කොලුවා....යකුනේ මේකේ මේ කැප්ටන් හැඩොකුත් නිකන්න කොල්ලා වගේ ඉන්නවා බොලව්...බොලා ඉරිසියාවේ මැරේ කියලා බයට මම මගේ පින්තූරේ දැම්මේ නැ බන්.....බොලාගේ අමනාපයක් එහෙම නැ නේ ඒ ගැන දැම්ම දැම්මම අගයක් නැනේ බොල බයිස්කෝප් එක ආවමම බලපල්ලකො මේ කැප්ටන් හැඩොක් කොයි වගේද කියලා.....බුබුලු නගින බෙලි කටු......

මේ චිත්‍රපටියට ටිං‍ටිං කතා 03 ඇතුල් කරලා තමා හදලා තියෙන්නේ.. වියදම ඇ.ඩො.මිලියන 135 ක්.................. ටිංටිං ගේ අයිතිකරු කව්ද කියලා බොලා දන්නවනේ දැන් මම කලින් උගෙ අලගිය තැන් මුල ගිය තැන් සේරම බොලා හමුවෙ දෙසා බැවනේ...ඉටින් ආපහු මුන් ගැන පම්පෝරි ගහන්නේ මොකටද නේ බන්...කවුරුත් අහලා තියෙන විදියට බෙල්ජියම් ජාතික හර්ජ් කාරයා තමා ටින් ටින් ගේ අයිතිකාරයා. එහෙත් සැබැ නම ජොසප් රෙමී ලු........

1929 දි බෙල්ජියානු පුවත්පතක පල උන ටින් ටින් භාෂා 50 ට පරිවර්තනය වෙලා තියනවලු බොල.....කැරකෙන දෙදෙරන දගර සුලන් කිව්වා....පි‍ටපත් මිලියන 208 වඩා අලෙවි වෙලත් තියේලු මේක.......හර්ජි කාරයා නිකමටවත් හිතන්නේ නැතිව ඇති....මේ චරිත ටික මේච්චර දෙයක් කරයිද කියලා....... ! බොලාට කියන්න බෙල්ජියානු කෞතුකාගාරයක්ද මේ නමින් විවෘත කරලා තියනවලු බන්......අම්ම ගහයි පොල්පිත්තෙන් කිව්වලු..........මට සැහෙන්න බොන්න හිතෙනවා බොලව් සතුටට.......

කොහොම කොහොම හරි දැන් ‍ටිං‍ටිං ස්ටීවන් ස්පිල්බර්ග් සතුය.‍‍‍‍.... බුවා මේ බයිස්කෝපෙක එලියට දාලා පොඩ් උන් වෙනුවෙන් විඩියෝ ක්‍රිඩාවක් කිරිම‍ට ද තවත් ටිං ‍ටිං චිත්‍රප‍ටයක් කිරිමට ද සුදානමින් ඉන්නවලු බොලව්.......මිනිහත් මාර බුවෙක් තමා නේ.......එටකොට මේ ඇටකිච්චන්ට ටින් ටින් ගේම් එකත් හොදට කන්න පුලුවන් නේ.......හැබයි බොලා මොන ගේම් එක කැවත් අව්ලක් නැ මේ කැප්ටන් හැඩොක්ගේ කැරැක්ටර් එක එහෙම කනවා නෙවේ හරිද ඩෝ....දන්නවනෙ කැප්ටන් අන්කල්ට තරහ ගියොත් .......කැප්ටන් අන්කල් බෝම ගුන යහපත් මනුස්සයා........බුබුලු නගින බෙලි කටු.......හා එහෙනම් මේකත් බලාගෙනම පලයල්ලකො......හොදද කියලා කියපල්ලකෝ අපි සෙටාර් එක......ලොල්ය...




කොහොම උනත් කමක් නැ බොලාගේ අදහස් කියලා පලයල්ලකෝ එහෙනම් මේ බයිස්කෝප් එක ගැන......එහෙනම් මම පොඩියට විතර 2ක් දාගෙන එන්නම් ටටා.......බායි..



Share/Bookmark