ටින් ටින් ගේ අල ගිය තැන් මුල ගිය තැන්............

ටින් ටින් ගැන නොදන්න එකෙක් හොයා ගන්න බැරි තරම්........ ඒ තරමට පොඩි උන්ට මූව මතකයි ටින් ටින්ට ආදරෙයි......මේ කැප්ටන් හැඩොක්ට තමා කවුරුවත් ආදරේ නැත්තේ....... පුංචි හිම බෝලයක්වගේ ලස්සන ස්නෝවි බලූ මදාවියටත් ටින් ටින්ටත් වඩා ආදරේ මුන්......නොදකින්
විතරක් ඔය බලු මූසලයා..........මට ඔකව පේන්න බැ මදාවියා උස්සලා ගෙම්බා පොලොවේ ගැහුවා වගේ ගහන්න හිතෙනවා කාලකන්නියා....

ඉටින් බොලා දන්නවද මේ බොලාගේ ටින් ටින් ඉස්සරවෙලාම ලෝකයට දායාද කරේ මොකාද කියලා?????........නැ... දන්නැ නේ..හා එහෙනම් අහගනිල්ලා.........මූව ඉස්සර වෙලාම ජෝජස් කියලා බුවෙක් තමා නිර්මානය කරේ..... උට තවත් නමක් තිබුනා...හජ්ජ් කියලා....ඔන්න හර්ජ් කාරයා තමා මුලින්ම ටින් ටින්ව ඇන්දේ 1929 දී… එතකොට බොලා ඉපඩිලාවත් නැතුව අති නේ......හොක් හොක්....

Tintin in the soviets" තමයි හර්ජෙ
කාරයා ඇඳපු මුල්ම ටින් ටින් පොත, ඒ මාක්ස් විරෝධී ප්‍රකාශනයක් විදියට. ඉන් ලැබුනු සාර්ථකත්වය නිසා "Titin in the congo"නම් දෙවන පොත හා ටින් ටින්ගේ වීර ක්‍රියා කෙහෙල්මල ආරම්භ වුනේ......
මුලින්ම ඇඳි ටින් ටින් පොත් මෙලෝ රහක් නැති කළු සුදු වූ අතර, "Tintin in the soviets" හැර ඉතිරි සියල්ල නැවත වර්‍ණ මුද්‍රණයක් කළා කියලලු කියන්නේ.......

මුලින්ම ටින් ටින්ට තනියට හිටියේ ස්නෝවි මදාවියා විතරයිලු....බොලා දන්නවඩ ටින් ටින් කාටුන් පොත කියෝපු ලෝකේ පුරා හිටපු උන් එදා ඉදන් අද වෙනකල් ටින් ටින් කාරයටයි යි ස්නෝවි බලු මදාවියටයි පුදුම විදිහට ඇලුම් කරනවලු...මේ පිංතූරේ ඉන්නේ ඔන්න ඔය හ‍ර්ජ් කාරයා තමා.....මුන්ට මම තමා පොඩ්ඩක් වත් මතක් වෙන් නැත්තේ.කොහෙද මේ හජ්ජ් කාලකන්නියා මෙකට කැප්ටන් හැඩොක් කියලා නම දාන් නැතුව මේ කොහෙවත් ඉන්න ටින් ටින් කාරයගේ නම දාලනේ බොලව්..හරිම කුප්පයි බොල...හරිම කුප්පයි....
( කුප්ප යන වචනයේ අයිතිය රත්ගමයා සතුය)..

කමක් නැ මේ කැප්ටන් හැඩොකුත් ඔය කොහේ හරි අයිනකට මිනිහා දැම්මනේ.....මගෙ නම එහෙම නොදැම්මනම් එල්ලනවා ඔකා මගේ නැවේ කුබ ගහේ කකුල් දෙකෙන් ගල් ඉබ්බා.ඔකුන් දනනැ මේ කැප්ටන් හැඩොක් ගැන..කැප්ටන් අන්කල් බෝම ගුන යහපත් මනුස්සයා...........

දැන් බොලා දන්නවනේ හර්ජ් කියන එකාව..අර ටින් ටින් හඩපු එකා බොල..හා......දන්නවා නේ.............පස්සේ කාලෙක අන්න උට හම්බුනා තව මරු බුවෙක් උගෙ නම චෑං – චොං....

චෑං......හර්ජ් කාරයට ගොඩක් උදව් කරා අලූත් අලූත් යාළුවෝ ටින් ටින් එක්කලා එකතු කරන්නට. ..ඔය බුවා තමා.....තොම්සන් සහ තොම්සන්… මතකද අර පිස්සු රහස් පරීක්ශක ඩබල??? ..අන්න උන් දෙන්නා .....උන් දෙන්න මතක් වෙද්දිත් ඉල කැඩෙන්න හිනා යනවා බොල....... ඒ පිසු ඩබලත් ටින් ටින්ගේ කතාවලට ගෙනාවෙ චෑං කාරයා තමා බොල....... මමයි, බියන්කා කැස්ටොපියොරි ගැනියි, ප්‍රොෆෙසර් කැල්කියුලස් කාරයයි ටින් ටින්ට එකතු කරේ බුවා තමා......

බොලාට මතකද අර ටින් ටින් ටිඛෙට් දේශයට ගිය සීන් කෝන් එක අන්න ඒකේ චෑං කියල ඩයල් එකක් හිටියා බොලාට මතකද දන්නැ????....නැ මතක නැනේ.......මට නම් මතකයි බොල.... ඔකව අර හ‍ර්ජ් කාරයා එකතු කලේ උගේ බොක්කේ යාළුවා චෑං කාරයාව මතක්වෙන්න......... බොලාට මතකද දන්නැ ටිබෙටයේ අපේ අහස් යාත්‍රාව බිමට කඩන් වැටුනු වෙලේ අපට සප් එක දුන්න පොඩි කොල්ලා....අන්න ඒ පොඩි එකා තමා චැන්ග් - චොන්ග් -බොක්කේ පොඩි එකා..........

මුලින්ම හර්ජ් කාරයාගේ ටින් ටින් කාටුන් එක ගියේ පත්තර සඟරා වල… පස්සෙ තමයි බොලාට ඔය ටී.වී. එකේ බලන කාටුන් චිත්‍රපටි හැදුවේ.... ටින් ටින්ගේ කතා පොත් කෝටි විස්සකට වැඩිය විකිණිලා තියනවාලූ බොලව් මේ වෙනකොට...අම්මග ගහයි පොල්පිත්තෙන් කිව්වලු..... බලපල්ලා මේ කැප්ටන් හැඩොක්ලා කොච්චර පොපියුලර්ද කියලා ලෝකයේ.....බොලාට දැන් ඉරිසියාවේ පන යන්න වගේ ඇති නේ........බුබුලු නගින බෙලි කටු......

1929 දී ඉපදිලා අවුරුදු ගානක්ම බොලාත් එක්ක හිටියා වාගේ, හැමදාමත් ලොකේ පුරා ඉන්න අපට කැමති උන් මේ කැප්ටන් හැඩොක්ලා ටින් ටින් ලා කැල්කියුලසාලා එක්ක ඉඩීව් නේ බොලව්........

කොහොම කොහොම හරි එපමණටම ලොව පුරා බාල මහලු කාගේත් සිත් සතන් වැළඳ ගත් හර්ජ් 1983 වර්ෂයේ සදහටම ටින් ටින් අත ඇරල ගියා බොලව්..... වරක් ඔහු ස්පිල්බර්ග් ව හඳුන්වා දුන්නේ ටිං ටිං චරිතයට සාධාරණයක් කළ හැකි හොඳම පුත්ගලයා කියලා..... පසුව හර්ජ් ගේ වැන්දඹුව ටිං ටිං ඇසුරෙන් සිනමා නිර්මාණ බිහි කිරීමේ අයිතිය ස්පිල්බර්ග් ට ලබා ලබා දුන්නලු......එහෙනම් පහල තියන වීඩියෝව බලපල්ලකෝ කොහොමද කියලා.....හැබයි කැප්ටන් හැඩොක් නම් පේන්න නැ..හොද වෙලාවට....බුබුලු නගින බෙලි කටු......



හරි හරි කොහොම හරි තොපිලා මුගේ අලගිය තැන් මුල ගිය තැන් අහගත්තනේ...එහෙනම් මතක ඇතුව කොමෙන්ටුවක් කොටලා පලයල්ලා........කොමෙන්ට් එකක් කෙටුවා කියලා බොලාගේ කී බොර්ඩ් එක ගෙවෙන්නැ හොදද බොලව්........කොම්මෙන්ට් මගුල කොටලා ඉවරනම් ඔය Older Post කියන මගුල ඔබලා කැප්ටන් හැඩොක්ගේ ඊලග හැල්ල බලන්න පලයල්ලා කස්ටියම......
Share/Bookmark

7 comments:

  1. අනිවා උබ කියනකං හිටියෙ, ඉතින් අපි වගේ එල කොල්ලො තමා කැපාට කැමති, ටින් ටින් කොහෙ යන කුපාඩියෙක්ද?
    මම ගාව මිනිහ කැස්ටපියුරෙගෙ ගෙදර යනවා මහ රෑ පොටෝ කට්ටකුත් තියනවා

    ReplyDelete
  2. ඈ...........හෆොයි... බුබුලු නගින බෙලි කටු.......

    ReplyDelete
  3. පව්............... බං හර්ජ් කාරයා, ගෑනි ඌ මලාට පස්සෙ අරූ හම්බ කරපු සල්ලි කකා ස්පීල්බර්ග් කාරයත් එක්ක මගුල් නටන්න ඇති, :D

    ReplyDelete
  4. ටින්ටින් සිංහෙලන් බලන්න ලින්කුවක් දියන්ෙකා.....

    ReplyDelete
  5. ආ කැපෝ... එලකිරී ආ....... ඔහොමයන්...
    අපි දන්නවනේ කැප්ටන් අංකල් බොහෝම ගුණ යහපත් මනුස්සයා කියලා..
    ෆුල් බකප් එක අපෙන්... :O :O

    ReplyDelete
  6. කැපාගෙ බ්ලොග් එක නම් නියමයි.මගේ සුබ පැතුම්.....

    ReplyDelete
  7. තැන්කූ......තැන්කූ......තැන්කූ......බොලා සේරටම ....ඉදපල්ලකො ටින් ටින් ලින්ක්කුව දෙන්න........

    ReplyDelete