මුන් කව්ද මොනවද කරන්නේ.........දන්නැ නේ..........


බොලා අදුරනවද මේ ඉන්න බුවා කව්ද කියලා..........නැ නේ..කවුරුවත් දන්නැ....මේ තමා ලෝකයේ පලමු විනාශ කාරී වයිරසය හදපු එකා.............ලොකයේ පලමු වයිරස් එකේ නම තමා බොලව් එල්ක් ක්ලොනරය කියන්නේ........ඇපල් 2 පරිගනකවලට බෝ වූ එල්ක් ක්ලොනර වයිරසය 1982 දී 15 හැවිරිදි පාසල් සිසුවෙකුව සිටි රිචඩ් ස්ක්‍රන්ටා විසින් නිර්මානය කලේය....මේ ඉන්නේ බුවා තමා......ලොල් නේ......

වයිරසය අඩංගු ෆ්ලොපි ඩිස්කයෙන් පරිගනකය බූට් වන විට මෙම වයිරසය ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වෙයි........එහෙත් එමගින් පරිගනකයට විශාල හානියක් කල නොහැකි උන අතර....පරිගනක ජාල සහ අන්තර්ජාල අන්තර්ජාල ප්‍රචලිතව නොතිබීම හේතුවෙන් මේ කාලයේ එල්ක් ක්ලොනරය ද ෆ්ලොපි ඩිස්ක් හරහා පමනක් නිසා එය වේගයෙන් බෝ නොවී අබාවයට ගියේය......
  • ඇඩ්වෙයා (Adware)
මෙය එක් වරක් පරිඝණකයට ස්ථාපිත වූ පසු විවිධ වෙළඳ ප්‍රචාරණවලට අපේ පරිඝණකය නිරාවරණය කරන වැඩසටහනක්.....
  • බ්ලැක් හැට් (BlackHat)
මෙනමින් හැඳින්වෙන්නේ අපරාධ කිරීමේ අරමුණින් තමන්ගේ හැකියාවන් පෙන්වන හැකර්කරුවන්ය.
  • බොට්නෙට් (BotNet)
අන්තර්ජාලය හරහා විශේෂ පාලන පද්ධතියක් සාදා ගෙන,එයට වෙනත් පරිඝණක දහස් ගණනක් ඈදා ගෙන ඒවා තනි පුද්ගලයෙකුගේ අණසකට යටත් කර ගෙන පාලනය කරන ක්‍රමයක්.මෙසේ හසුරුවන්නා 'බොට්නෙට් හාඩර් [BotNet Hader]' නමින් හඳුන්වනවා.

  • කාඩර් (Kader)
ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරා ගෙන, ඒවා විකුණන පුද්ගලයන් මේ නමින් හඳුන්වනවා.
  • ඩීඩෝස් (DDOS)
මෙහි තේරුම 'Distributed Debial of Service ' යන්නයි.මෙහිදීත් බොට්නෙට් එකක් හදාගෙන සියලු තොරතුරු සර්වර් එකකට යවා අමාරුවේ දැමීමේ ක්‍රමයක්.

  • ඩ්‍රයිව් බයිස් (Drive Bys)
වෙබ් අඩවියකට යන විට ඉබේම ඉන්ස්ටෝල් වෙන ලෙස සකස් කරලා තියෙන වැඩසටහනක්.

  • මැල්වෙයා (Mal ware)
විනාශකාරී වැඩසටහන් හඳුන්වන පොදු නමක්.

  • ෆිෂිං (Phishing)
බැංකු,ක්‍රෙඩිට් කාඩ් ආයතනවල නම් වලින් ව්‍යාජ ලෙස ඉ-මේල් එවා තොරතුරු සොරා ගන්නා ක්‍රමයයි.

  • ස්ක්‍රිප්ට් කීඩ් (Script Kiddie)
එතරම් දක්ෂ නැති හැකර්වරුවන් මෙසේ හඳුන්වනවා.

  • ස්පයිවෙයා (Spyware)
පරිඝණකයේ ඉන්ස්ටෝල් වූ පසු එහි ඇති රහස් තොරතුරු වෙනත් පාර්ශවයන්ට යවන විනාශකාරී වැඩසටහන්ය.

  • ට්‍රොජන් (Trojan)
මතුපිටින් එතරම් කරදරයක් නැත.නමුත් ක්‍රියාත්මක වීමේදී විනාශකාරීව හැසිරෙන වැඩසටහනකි.

  • වර්ම් (Worm)
වයිරසයක සමාන සංස්ලේෂණය වන විනාශකාරී වැඩසටහනකි.නමුත් වයිරස් වලය 100%ක්ම සමාන නැත.

  • ෆාමිං (Pharming)
විනාශකාරී පුද්ගලයන් විසින් වෙබ් අඩවි වලට පිවිසීමේදී වෙනත් වෙබ් අඩවි වෙත හරවා යවා තදබදයක් ඇති කිරීම මෙසේ හඳුන්වනවා.හා.....


ඔන්න ඔය උඩ ඉන්න මහත්හොරු ටික තමා බොල අපේ කොම්පියුටර් රාජයන්ට ගේම දෙන එව්න්.........මගතොටේදී එහෙම මුලිච්චි උනොත් ඔකුන් ලේසියෙන් අරින් එපා හොදද බොලව්.......ටිකක් හයියෙන් එහෙම සලකලා යවපියව්.............හා එහෙනම් මේ මහත්හොරු ගැනත් දැන ගත්තනේ බොල........දැන් කොම්මෙන්ට් කටුවක් එහෙම කොටලා පලයල්ලා........දැන් මේ කෙහෙල්මල් මහත්හොරු ගැන කොටලා කොටලා මගේ ඇගිලිත් පන නැ බොලව්................කවුරු හරි පින් කැමැත්තෙක් ඉන්නවනම් කැප්ටන් හැඩොක්ගේ ඇගිලිවල හිරි යන්න විස්කි බෝතලයක් එහෙම අරන් දුන්නට කිසිම අමනාපයක් නැ.....බොලව්........මම එහෙනම් ගොහින් එන්නම්..මේ මහත්හොරුන් ගෙන් පරිස්සම් වෙලා ඉදපියව්.........ඔන්න නොකිව්වායි කියන්න එපා එහෙම බොලා........බුබුලු නගින බෙලි කටු........ටටා......................බායි.............
Share/Bookmark

4 comments:

  1. රිචඩ් ස්ක්‍රන්ටා කියන එකා අහුවෙනකන් ඉන්නේ මම පාරක තොටක යද්දි...
    අම්මපා උගේ දෙමව්පියන්ට හඩනවා වයිරස් එකක්....

    ReplyDelete
  2. දෙමු දෙමු බන් රැප් කරලාම හොද සුද්ද සින්හලෙන්.......බුබුලු නගින බෙලි කටු....

    ReplyDelete
  3. කෑපො ඔන්න මම නම් comment කෑල්ලක් දෑව අපෙ ලොක්කට............ :D

    ReplyDelete